පාසල් පරිගණක කාමරය
තොරතුරු සංනීවේදන තාක්ෂණය අනාගත ලෝකයට පාර කියන ප්‍රධාන සාධකයක් ලෙස මේ වන විටත් සමාජයට විශාල මෙහෙයක් ඉටුකරමින් සිටී. පාසල් පද්ධතියට තොරතුරු සංනීවේදන තාක්ෂණ ගුරුවරුන් පුහුණු කරමින් පරිගණක විද්‍යාගාර ලබාදෙමින් විෂය නිර්දේශ හා පෙළපොත් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන කාර්යයද පැසසිය යුතුමය.
පරිගණක 07කින් සමන්විත පරිගණක කාමරයක් හිමි අප පාසලද පවතින සම්පත් උපරිම අයුරින් මෙහෙයවමින් පහත මෙහෙවරයන් ඉටුකරමින් සිටින්නෙමු.
-
සාමන්‍ය පෙළ තොරතුරු සංනීවේදන තාක්ෂණ විෂය ඉගැන්වීම.
-
උසස් පෙළ සාමන්‍ය තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම.
-
සතියකට 01 කාලච්ඡේදය බැගින් 06න් ඉහළ සියලූම සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම.
-
විද්‍යාලයීය නිළ වෙබ් අඩෙවිය යාවත්කාලීන කරමින් පවත්වාගෙනයාම.
-
උසස් පෙළ සිසුන්ගෙ විශ්ව විද්‍යාලයීය අන්තර්ජාල අයදුම්පත් පිරවීම.
-
විද්‍යාලයීය විශේෂ අවස්ථා සදහා මාධ්‍ය ආවරණ ලබාදීම හා විද්‍යුත් සංදර්ශකයන් සකස් කිරීම.
-
අනෙකුත් විෂයන් සදහා පරිගණක සම්පත් පරිහරණ අවස්ථා හා විද්‍යුත් සංදර්ශකයන් සකස් කිරීම සදහා උපකාර ලබාදීම.
-
ගුරු පුහුණු වැඩසටහන් පැවත්වීම.
-
ආදි සිසුන්ගේ තාක්ෂණ අවශ්‍යතා සදහා උපකාර කිරීම.
-
කාර්යාලයීය අවශ්‍යතා සදහා උපකාර කිරීම.
තොරතුරු සංනීවේදන තාක්ෂණය විෂය භාර ආචාර්යය
ආර්.ජී.ජී.සි.කේ.සෝමරත්න.
විද්‍යාපීඨ ගුරුපුහුණුව (2006-2008).
වසර 8 පළපුරුද්ද.
කොත්මලේ කලාපීය සම්පත් දායකයෙකුලෙස කටයුතු කිරීම.
කොත්මලේ කලාපීය දෘඩාංග කණ්ඩායම් සාමජිකයෙකු වීම.